26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග කිහිපයක පමණක් උද්ඝෝෂණ කිරීම වලක්වාලමින් අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (08) සංවිධාන කර ඇති විරෝධතාවට අදාළවයි මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන්හි උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත.

ජාතික ජන බලවේගය විසින් අද (08) පස්වරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කිරීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ සාමාජිකයන් වන විජිත හේරත්, කේ.ඩී. ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඇතුළු 26කට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබේ.