27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිලිනොච්චිය හා යාපනයෙන් මළ සිරුරු දෙකක්

කිලිනොච්චිය හා යාපනයෙන් මළ සිරුරු දෙකක්

යාපනය පේදුරුතුඩුව සහ කිලිනොච්චිය සෙල්වපුරම් ප්‍රදේශයන්හි තිබී මළසිරුරු දෙකක් ඊයේ (07) සවස හමුවූ බවට ප්‍රදේශයන් භාර පොලීසිය පවසයි.

කිලිනොච්චිය සෙල්වපුරම් පුදුකුලම් වැවේ පාවෙමින් තිබූ පිරිමි මළසිරුරක් ඊයේ දින සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය. මෙම පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි දරුවන් 6 දෙනෙකුගේ පියෙකු බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර පේදුරුතුඩුව අල්වායි මවිලංකඩි මාර්ගයේ තිබූ මළසිරුරක් ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පේදුරුතුඩුව පොලීසියට දැනුම් දී ඇත. පසුව පොලිස් නිලධාරීන් පැමිණ පරික්ෂා කර ඇති අතර ඔහු හදිසි අසනීප තත්වයකින් මිය යන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

කෙසේනමුත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙලෙස මියගොස් ඇත්තේ පේදුරුතුඩුව වේදාර්වලවු ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ මළසිරුරු සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය සහ පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.