26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩා දරුවන්ගේ අක්ෂි ආබාධවල වැඩිවීමක්

කුඩා දරුවන්ගේ අක්ෂි ආබාධවල වැඩිවීමක්

කුඩා දරුවන් ජංගම දුරකතන භාවිතය ඇතුළු විද්‍යුත් උපකරණ භාවිතය හේතුවෙන් අක්ෂි ආබාධ වැඩි වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ වෛද්‍ය ධර්මා ඉරුගල්බණ්ඩාර පැවසීය.

මෙම වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වු සිසු දරුදැරියන් පිරිසක් වෙනුවෙන් පාසල් ගුරුවරුන් හා සෞඛ්‍ය අංශ එක්ව ක්‍රියාත්මක කරනු ලැබූ ඇස්, දත් හා කන් සම්බන්ධ මූලික පරීක්ෂාවකදී ඉන් දරුවන් හය දෙනකුට මීටර 10, 12 සම්මත දුරක දෘෂ්ටි පරීක්ෂාවේදී කියවීම අසමත් වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ පාසලකදී මෙම පරීක්ෂණය සිදු කර ඇති අතර සෞඛ්‍ය අංශ පවසන්නේ දරුවන් හඬන විට නැළවීමට, කෑම කැවීමට, ඖෂධ හා දියර වර්ග ලබා සඳහා පෙර පාසල් අවධියේ සිටම මවුපියන් දරුවන්ට ජංගම දුරකතන ලබා දීමට කටයුතු කර තිබීම මීට හේතු වී ඇති බවයි.

මෙය නොකළ යුතු කටයුත්තක් බවත් ඉන් ඉදිරියේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා ඇති වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇතැයි වෛද්‍යවරුන් අනතුරු අඟවති.