29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500ක්

ගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500ක්

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ පවතින පුරප්පාඩු 1,500ක ප්‍රමාණය නිසා ගුරු සිසුන්ට ඉගැන්වීම් කටයුතුවලට හා ගුරුවරුන්ගේ දැනුම් ඉහළ දැමීමේ කටයුතුවලට දැඩි බාධා සිදුවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා කතිකාචාර්යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් එම්.පී.එච්, සවනතිලක සඳහන් කළේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල හා ගුරු විද්‍යාලවල හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේ කතිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් 700කට ආසන්න ප්‍රමාණයක් බවත් එහෙත් අදාළ කටයුතු සිදුකිරීම සඳහා 2,200ක පමණ ප්‍රමාණයක් සිටිය යුතු බවත්ය.

ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන 113ක් පවතින බව පැවසූ ලේකම්වරයා අවධාරණය කළේ මෙම ස්ථානවල කතිකාචාර, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් ආසන්න වශයෙන් 225ක් වත් සිටිය කළ යුතු නමුත් අදාළ ස්ථානවල සිටින්නේ සිටිය යුතු ප්‍රමාණයෙන් හරි අඩක ප්‍රමාණයක් බවයි.