― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? - අලි සබ්රි

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත් වරප්‍රසාදවලට මුවාවී මෙවැනි තුට්ටු දෙකේ ප්‍රකාශ නොකරන්නැයි තමා රාසමාණික්කම් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

“මට ගෙවල් දෙන්න පුලුවන්ද. එක එක අයට ගෙවල් දෙන්න මම කවුද?” යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කළේය.

විදේශ බෙදුම්වාදයේ කුලී හේවායෙක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. රාසමාණික්කම් කියලා. එතුමා මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න හරි අකමැතියි. එයාට හැමදාම ඕන මේකෙ එල්ලිලා දේශපාලනය කරන්න. කවුරුහරි මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනවා නම් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. අපි වැඩක් කරනකොට ඒකට බාධා කරනවා. එතුමා කුලී හේවායෙක්. බෙදුම්වාදය වෙනුවෙන් කහිනවා. ඊයේත් කැස්සා.

ගෝඨාභයට මම ගෙයක් දුන්නා කියල ඔහු ඊයේ මෙතන කියලා තියෙනවා. මට ගෙවල් දෙන්න පුලුවන්ද. මම කවුද ගෙවල් දෙන්න. මම රස්සාවක් විදියට දේශපාලනය තෝරගෙන ආපු මිනිහෙක් නොවෙයි. මම ජීවත් වෙන්නේ ටැක්ස් ගෙවලා හම්බකරපු සල්ලිවලින් හදපු ගේක. මම කවදාවත් රජයෙන් ගෙවල් වල ජීවත් වෙලා නැහැ. පිටරටින් එන නිලධාරීන්ට ආගන්තුක සත්කාරය කරන්න මහාචාර්ය ජී එල් පීරිස් මහත්තයා හිටපු නිවසේ විතරක් ඉඳලා තියෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මේ වගේ තුට්ටු දෙකේ කතා කියන්න එපා. හැම මිනිහෙකුටම ගෞරවයක් තියෙනවා. මම හිටපු නිවසක් කාටවත් දීලා නැහැ.