29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා - මහින්ද

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පොහොර මිලේ අඩුවීමක් දකින්ට ලැබෙනවා. ඒක ඇත්ත. අපි රජය විදිහට ගෙනාපු පොහොර තියෙන්නේ වැඩි මිලට ගෙනාපු පොහොර. ලෝක වෙළෙඳපොලේ මිල අඩුවීම සහ ඩොලරයට සමානුපාතිකව රුපියල ශක්තිමත්වීම සමග ඊළඟට එන පොහොර නැවේ ඉදලා රුපියල් 9,000කට පහළින් මිලකට පොහොර ලබාදෙන්න කටයුුතු කරනවා. ලබන සතිය තුළම ඒ වාසිය අපි මේ රටේ ජනතාවට ලබාදෙන් කටයුතු කරනවා.

අපි බණ්ඩි පොහොර ගෙනත් තියෙන්නේ 19,500ක්. ඒ බණ්ඩි පොහොර රුපියල් 4,500ක් අඩුකරලා රුපියල් 15,000 බැගින් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ගොවි ජනතාවට නොමිලේම මේ වනවිටත් ලබාදීලා තියෙනවා. ඒ නිසා මේ වතාවේ යල කන්නයේදී පොහොර වර්ග 3ම, කන්න 3කට පස්සේ තමයි මඩ පොහොර ටික දෙන්නේ. යුරියා සාධාරණ මිලකට නිසා ප්‍රමාණයට ලබාදෙන්නේ.