32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපිරවුම්හල් 618කට එරෙහිව නීතිමය පියවර

පිරවුම්හල් 618කට එරෙහිව නීතිමය පියවර

ශ්‍රී ලංකා ඛනිජතෙල් සංස්ථාව යටතේ පවතින ඉන්ධන පිරවුම්හල් 618 ක හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බලශක්ති අමාත්‍ය කංචන විජයසේකර පැවසීය.

ඉන්ධන පිරවුම්හල් මගින් දෛනිකව පවත්වාගෙන යා යුතු අවම ඉන්ධන තොගය පවත්වාගෙන නොයන බව අනාවරණය වී තිබේ.

ඛනිජතෙල් සංස්ථාවට අයත් මෙරට ඉන්ධන පිරවුම්හල් 1050 න් අවම ඉන්ධන තොග පවත්වා ගෙන ගොස් ඇත්තේ ස්ථාන 432 ක් පමණක් වන අතර ඉතිරි ස්ථාන අතරින් පිරවුම්හල් 255ක් කිසිදු ඉන්ධන තොගයක් පවත්වාගෙන නොගොස් ඇති අතර ස්ථාන 363ක් අවම ප්‍රමාණයෙන් එක් ඉන්ධන වර්ගයක් පමණක් පවත්වාගෙන යනු ලබන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ස්ථාන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.