22.8 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට මැන්ඩරින් වගා කිරීමට සැලසුමක්

මෙරට මැන්ඩරින් වගා කිරීමට සැලසුමක්

මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

දැනට මෙරට දොඩම් වගාව දිස්ත්‍රික්ක ගණනාවක සිදු කළද විදේශ රටවල සිට ආනයනය කෙරෙන මැන්ඩරින් නැමැති දොඩම් විශේෂය සඳහා මහජනතාවගේ විශාල ඉල්ලුමක් පවතී.

මෙම දොඩම් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙයි. වාර්තා වී ඇති පරිදි 2022 වසරේ දොඩම් ආනයනය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 496ක් වන අතර දොඩම් මෙට්‍රික් ටොන් 2407ක් ආනයනය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මැන්ඩරින් දොඩම් විශේෂය ශ්‍රී ලංකාවේ වගාකිරීම සඳහා සිදුකරන ලද පර්යේෂණ සාර්ථක වී ඇති බවයි කෘෂිකාර්ම අමාත්‍යංශය සඳහන් කළේ.