23.9 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews55 පෙම්වතියගේ රන් භාණ්ඩ ඉස්සූ 28 පෙම්වතා

55 පෙම්වතියගේ රන් භාණ්ඩ ඉස්සූ 28 පෙම්වතා

55 හැවිරිදි පෙම්වතියගේ රන් භාණ්ඩ සොරා ගත් 28 හැවිරිදි පෙම්වතෙකු අත්අඩංගුවට ගත් බව කැළණිය පොලිසිය පවසයි.

මූල්‍ය සමාගමක සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන මෙම පෙම්වතා වසර ගණනාවක් මෙම ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පෙම්වතා හට විවාහයක් සිදුකර ගැනීමට යෝජිතව තිබූ හෙයින් දෙදෙනා අතර විරසකයක් හටගෙන තිබේ.

රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට 55 හැවිරිදි පෙම්වතිය විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගත්තද රන් භාණ්ඩ සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය පැවසුවේ.