26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsADB වෙතින් ශ්‍රී ලංකාව අනුමත කරයි

ADB වෙතින් ශ්‍රී ලංකාව අනුමත කරයි

සහනදායි ලෙස අරමුදල් සපයාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එමගින් දරිද්‍රතාවයෙන් පෙලෙන සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව එම පියවර ගත් බවත්ය.

ඒ අනුව අඩු පොළියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන ආර්ථික ස්ථායිතාවය ඇතිකිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් පවසන්නේ.