― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅධි රුධිර පීඩනය ආශ්‍රිත මරණවල වැඩිවීමක්

අධි රුධිර පීඩනය ආශ්‍රිත මරණවල වැඩිවීමක්

මෑතක සිට ශ්‍රී ලංකාවේ අධි රුධිර පීඩනය ආශ්‍රිත මරණ වැඩි වී තිබේ.

හදිසි අනපේක්ෂිත මරණ වළක්වා ගැනීම සඳහා නිතිපතා වෛද්‍ය පරීක්‍ෂාවන්ට ලක්වන ලෙස වෛද්‍යවරුන් විශේෂයෙන් මැදිවියේ අයගෙන් ඉල්ලා සිටිති.

වෛද්‍ය විශේෂඥයින් පවසන පරිදි අධි රුධිර පීඩනය ‘නිහඬ ඝාතකයා‘ ලෙස හැඳින්වෙන්නේ.

මෙහි පැහැදිලි රෝග ලක්ෂණ නොමැති නමුත් එය හෘදයාබාධ, ආඝාතය සහ අනෙකුත් බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානම වැඩි කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 25ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට ගණන් බලා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය උදය රලපනාව පැවසීය.