30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධි රුධිර පීඩනය ආශ්‍රිත මරණවල වැඩිවීමක්

අධි රුධිර පීඩනය ආශ්‍රිත මරණවල වැඩිවීමක්

මෑතක සිට ශ්‍රී ලංකාවේ අධි රුධිර පීඩනය ආශ්‍රිත මරණ වැඩි වී තිබේ.

හදිසි අනපේක්ෂිත මරණ වළක්වා ගැනීම සඳහා නිතිපතා වෛද්‍ය පරීක්‍ෂාවන්ට ලක්වන ලෙස වෛද්‍යවරුන් විශේෂයෙන් මැදිවියේ අයගෙන් ඉල්ලා සිටිති.

වෛද්‍ය විශේෂඥයින් පවසන පරිදි අධි රුධිර පීඩනය ‘නිහඬ ඝාතකයා‘ ලෙස හැඳින්වෙන්නේ.

මෙහි පැහැදිලි රෝග ලක්ෂණ නොමැති නමුත් එය හෘදයාබාධ, ආඝාතය සහ අනෙකුත් බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානම වැඩි කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 25ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට ගණන් බලා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය උදය රලපනාව පැවසීය.