― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeSportආසියානු මළල ක්‍රීඩා උත්සවයේදී ලක්මව දිනවූ ශූරයෝ දිවයිනට

ආසියානු මළල ක්‍රීඩා උත්සවයේදී ලක්මව දිනවූ ශූරයෝ දිවයිනට

20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළින් යළි මෙරටට පැමිණියා.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය පසුගිය 04 වනදා සිට 07 වනදා දක්වා දකුණු කොරියාවේ යේචියොන් (‍Yecheon) නගරයේදී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 01ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගනිමින් රටවල් 45 ක් සහභාගී වූ මෙම තරගාවලියේ 07 වන ස්ථානය දිනාගත්තා.

වළළ ඒ.රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800, මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව් වලින් රන් පදක්කම් දිනාගැනීමට මෙහිදී සමත් වුණා. ඊට අමතරව ඇය මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කම ද දිනාගත්තා. තරුෂි කරුණාරත්න මෙම තරගාවලියේ ගුණාත්මක අතින් පදක්කම් 03ක් දිනා ගත් විශිෂ්ඨතම ක්‍රීඩිකාව බවට සම්මානයට පාත්‍ර වූ බව, මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ සුසන්ත ප්‍රනාන්දු ගුවන් තොටුපොළේ දී අදහස් දක්වමින් සඳහන් කළා.

තරුෂි මෙහිදී අදහස් පළකරමින් සඳහන් කළේ තමන් මීට සති හතරකට පෙර නිව්මෝනියා රෝගී තත්ත්වයට ගොඳුරු වී සිටි බවත් මීටර් 800 සහ මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ තරගවල දී තමන් වාර්තාවක් තැබීමට උත්සාහ ගත්ත ද තමන්ට අභියෝග කිරීමට තරගකරුවන් නොමැති වී තිබීම නිසා තමන්ට එම අවස්ථාව තමන්ට අහිමි වී ගිය බවත් සඳහන් කර සිටියා.

මීට අමතරව ජයේෂි උත්තරා, විනෝද් ආරියවංශ, ෂෙහාන් දිල්රංග සහ මලින් යසිරු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙහිදී පදක්කම් දිනාගත්තා. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, එයා ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 47 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිදක් ගුවන්තොටුපොළට පැමිණ සිටියා.