27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොස් ගෙඩියක් නිසා මවගේ ඇකයේ සිටි බිළිඳිය ජීවිතක්ෂයට

කොස් ගෙඩියක් නිසා මවගේ ඇකයේ සිටි බිළිඳිය ජීවිතක්ෂයට

කොස් ගෙඩියක් වැටීමෙන් අවුරුද්දයි මසක් වයසැති බිළිඳියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගාල්ල, අංකොක්කාවල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

දරුවාට කිරි දෙන්නට කොස් ගසක සෙවණක් සොයා ගිය මවගේ උරහිසට කොස් ගෙඩිය කඩා වැටී ඇති අතර එහිදී ඇයගේ ඇකයේ සිටි දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මව ගාල්ල අංකොක්කාවල, පෙරේරා මාවතේ පදිංචි මවුපියන්ගේ ඥාති නිවෙසක අවමඟුල් උත්සවයකට සහභාගි වී ඇති අතර එහිදී නිවෙස තුළ තිබුන තදබදය නිසාවෙන් දරුවා සමඟ එළියට පැමිණ කොස් ගසක් යට සෙවණක හිඳගෙන දරුවාට මවුකිරි දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දරුවා මවුකිරි බොමින් සිටින අවස්ථාවේ ගසින් කොස් ගෙඩියක් මවගේ උරහිසට වැටී දරුවා බිමට වැටී ඇති බවත් බිමට වැටුණු දරුවාගේ සිරුර මතට එම කොස් ගෙඩිය වැටී ඇති බවයි මව පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

අනතුරුව බරපතළ තත්ත්වයෙන් සිටි දරුවා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දරුවා මියගොස් ඇත.