29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජංගම දුරකථන මිල ගැන තීරණයක්

ජංගම දුරකථන මිල ගැන තීරණයක්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA) පවසයි.

අඩු මිලට කිසිදු ජංගම දුරකථනයක් හෝ උපාංගයක් ලබාදිය නොහැකි බවයි එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පැවසුවේ.

එමෙන්ම මීට පෙර රුපියල් 1500ට අලෙවි කළ මූලික ජංගම දුරකථනය තවමත් පවතින්නේ රුපියල් 4500 සීමාවේ බව පැවසූ සභාපතිවරයා චෝදනා කළේ ඩොලරයේ අගය අඩු වීමෙන් පසු මහා පරිමාණ ආනයනකරුවන්ට කිසිදු සහනයක් ලැබී නොමැති බවයි.

මේ හේතුවෙන් කුඩා පරිමාණ විකුණුම්කරුවන්ට කිසිදු සහනයක් ලබා දීමට නොහැකි බව 0හු සඳහන් කළේය.