― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනවක වෛද්‍යවරුන් 406ක් සීමාවාසික පුහුණුවට

නවක වෛද්‍යවරුන් 406ක් සීමාවාසික පුහුණුවට

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන 27 වැනිදාට පෙර මෙම වෛද්‍යවරුන් දිවයිනේ රෝහල් 63 ක් සඳහා යොමු කිරීමට නියමිතයි.

දැනට රෝහල්වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 694ක පමණ පිරිසකගේ පුහුණු කාලය ලබන 27 වැනිදායින් අවසන් වීමට නියමිත අතර ඒ අනුව මෙම නවක වෛද්‍යවරුන් පිරිස අදාළ රෝහල් කරා අනුයුක්ත කරන බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එමෙන්ම හෙද සේවාව සඳහා නවක හෙද හෙදියන් 3316 දෙනෙකු පුහුණුව සඳහා කඩිනමින් යොමු කිරීමට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

මීට අමතරව පුහුණුව අවසන් කළ හෙද හෙදියන් 2000 ට අධික පිරිසකට පත්වීම් ලබාදීමටද නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.