ඩුබායි සිට කොළඹ හරහා ඉන්දියාවේ, තිරුච්චි දක්වා ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් මගීන් පරීක්ෂාවට ලක් කළ නිලධාරීන් එක් මගියෙකුගෙන් ලක්ෂ 28ක් වටිනා රත්රන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඩුබායි සිට කොළඹ හරහා ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් තිරුච්චි ගුවන්තොටුපළට පැමිණියේ මගීන් 100කට අධික පිරිසක්ද සමඟිනි.
ගුවන්තොටුපළේ ගුවන් බුද්ධි අංශයේ රේගු නිලධාරීන් විසින් මෙම මගීන් සෝදිසි කර ඇති අතර පිරිමි මගියෙකු සැකසහිත ලෙස හැසිරෙන ආකාරය නිරීක්ෂණය වූ නිලධාරීන් ඔහුගේ බඩු බාහිරාදිය පරීක්ෂා කර තිබේ.
එමෙන්ම ඔහු පැළඳ සිටි පාවහන් ගලවා පරීක්ෂා කිරීමේදී පාවහන් මැද පාප්ප ආකාරයෙන් සඟවා තිබූ රුපියල් විසි අටලක්ෂ තිස්දහස් නවසිය පනස් හතරක් වටිනා රත්රං ග්රෑම් 467ක් රාජසන්තක විය.
බලධාරීන් විසින් මෙම මගියා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.