27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝතල් කටු ඇනී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

බෝතල් කටු ඇනී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු වීදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මියගොස් ඇති බව මුල්ලේරියාව පොලිස් ස්ථානයට ඊයේ (08) පස්වරුවේ තොරතුරක් ලැබී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05යි මාස 06ක් වයසැති දරුවෙක් බවයි වාර්තා වුණේ. හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට දී බිඳීගිය වීදුරු බෝතලයක කටු ඇනී ලේ ගලන තුවාල සහිතව මෙම දරුවා මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම දරුවාගේ පියා ඔවුන්ගෙන් වෙන්ව ජීවත්වන අතර මව දිවා කාලයේදී රැකියාවක් සඳහා පිටත්ව යන බැවින් මෙම දරුවා සිය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යත්තේ සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෘත ශරීරය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණයට කර ගැනීම සඳහා මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.