27.2 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමග වැරදුණු තරුණියකට හදි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මග වැරදුණු තරුණියකට හදි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

සම්මුඛ පරීක්ෂණයට යාමේදී මග වැරදුණු තරුණියක්ව අපයෝජනයට ලක් කළ තරුණයන් දෙදෙනකු වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණිය පසුගිය 07 වැනිදා වරකාපොල පොලිස් වසමේ පෞද්ගලික ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට පැමිණ ඇති අතර ඇයට එම ආයතනය සොයාගැනීමට නොහැකිව මාර්ගය අයිනේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණයන් දෙදෙනෙකු ඇයට උදව් කරන බව පවසා ත්‍රීරෝද රථයට නංවාගෙන අඹේපුස්ස ප්‍රදේශයේ පොල් ඉඩමක මුර කුටියකට රැගෙන ගොස් ඇයව අපයෝජනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.