26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන ආනයනය ගැන අලුත් තීරණයක්

වාහන ආනයනය ගැන අලුත් තීරණයක්

මෙරට ජනගහනයෙන් සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු පසුගිය වසර 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවත් වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවත්ය.

ඒ අනුව 2015දී වාහන 652,446ක්, 2016දී වාහන 466,986ක්, 2017දී වාහන 448,320ක්, 2018දී වාහන 496,282ක්, 2019දී වාහන 332,452ක් හා 2020දී වාහන 102,228ක් ආනයනය කර තිබේ.