27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුදුවෙන්න ගාන පිටකොටුවේ ක්‍රීම් ගැන අනාවරණයක්

සුදුවෙන්න ගාන පිටකොටුවේ ක්‍රීම් ගැන අනාවරණයක්

කාන්තාවන්ගේ සම සුදුවීම සඳහා භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු බවට පර්යේෂණාගාර වාර්තාවලින් තහවුරු වී තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී පාකිස්තානයෙන් ආනයනය කළ බවට සැක කෙරෙන දේශීය වශයෙන් වගකීමක් සඳහන් කර නොමැති, ප්‍රමිතියකින් තොර සහ නීතිවිරෝධි ලෙස ඇසුරුම් කර තිබුණු රූපලාවන්‍ය ආලේපන වර්ග රැසක් සොයාගත් ගනු ලැබීය.

එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ආලේපන වර්ග 06ක සාම්පල ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යැවූ අතර මේ වනවිට එහි ප්‍රතිඵල නිකුත් වී ඇති අතර
ඉන් අනාවරණය වී ඇත්තේ අදාළ ආලේපන වර්ග තුළ ඉතා විශාල වශයෙන් රසදිය අඩංගුව ඇති බවයි.

එවැනි ආලේපන වර්ග භාවිත කිරීමෙන් පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝග ඇතිවිය හැකි බැවින් එවැනි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන භාවිත නොකරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රසදිය විශාල ප්‍රමාණයන්ගෙන් අඩංගු වන මෙවැනි රූපලාවන්‍ය ක්‍රීම් වර්ග ශරීරයේ ආලේප කිරීමෙන් පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝග ඇතිවිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.