27.8 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews20ක් රෝහලට යැවූ හංවැල්ලේ අනතුර

20ක් රෝහලට යැවූ හංවැල්ලේ අනතුර

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් පුද්ගලයන් 20කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි හංවැල්ල පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබූවන් හෝමාගම සහ නවගමුව යන රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් සහ කොළඹ සිට බලංගොඩ දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූවන් අතර බස් රථයේ සහ කන්ටේනර රථයේ රියදුරන්ද වන අතර ලංගම බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලිසිය සඳහන් කළේ.