26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි මීටර් අපනයනයට ලංකාව සූදානම්

විදුලි මීටර් අපනයනයට ලංකාව සූදානම්

විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය වන එකලා විදුලි මීටර් නිපදවනු ලබන ANTE LECO මීටර් නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නව නිෂ්පාදන හඳුන්වාදීම පිළිබඳව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සමඟ ඊයේ (08) සාකච්ඡා සිදුකර තිබෙනවා.

මෙහිදී එම සමාගමේ නිළධාරීන් සමඟ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද බලශක්ති අමාත්‍යවරයා සාකච්ඡා කර ඇති බව සඳහන්. මෙම වර්ෂයේ සිට එම සමාගම සිය සේවාවන් පුළුල් කරමින් තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර නිෂ්පාදනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී මෙරට සියලු එකලා, තෙකලා සහ සුහුරු මීටර් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මෙම සමාගමට හැකි වනු ඇති බවයි මෙම සාකච්ඡාවේ දී සඳහන්ව ඇත්තේ. ඉදිරියේදී විදුලි මීටර් අපනයනය කිරීම දක්වා, තම නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට සිය සමාගම බලාපොරොත්තු වන බවයි එහි උසස් නිලධාරීන් මෙහිදී පවසා තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය එකලා විදුලි මීටර් 250,000ක ප්‍රමාණයක් වාර්ෂිකව නිපදවනු ලබන්නේ ANTE LECO මීටර් නිෂ්පාදන සමාගම විසිනුයි.