26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋරගස්මංහන්දියේ වෙඩිතැබීමක්

උරගස්මංහන්දියේ වෙඩිතැබීමක්

වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට ගිය ඌරගස්මන්හන්දිය පොලිසියේ නිලධාරින් සමග පොර බදා පැන යාමට උත්සහා කළ අවස්ථාවේ වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අධිකරණයෙන් නිකුත් කරතිබු වරෙන්තුවකට ඔහු අත් අඩංගුවට ගැනිමට ඌරගස්මන්හන්දිය පොලිසියේ සැරයන්වරයකු සහ කොස්තාපල්වරු දෙදෙනකු අද සවස ඇලකාක දියකඩිත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේ වරෙන්තුකරු පොලිස් නිලධාරින් සමග පොර බදා සැරයන්වරයාගේ අත තිබූ ගිනි අවියද පැහැරගැනිමට උත්සාහ කළ අවස්ථාවේ කොස්තාපල්වරයකු ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇත.

පාදයකට වෙඩි වැදුන වරෙන්තුකරු එම ස්ථානයෙන් පලාගොස් ප්‍රතිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුලත් විමට ගිය අවස්ථාවේ බද්දේගම පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන රෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ තුඩුව,හබුරුගල පදිංචි පුද්ගලයෙකි.