30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවැසීය.

පානදුර , වාද්දුව , හොරණ ඇතුළුව තවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් කාර්යාල ගණනාවකින් රෝගීන් වාර්තා වන බව සදහන්. හදුනාගත් රෝගීන් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවද සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කරයි

රෝගී පවුල් යම් ප්‍රමාණයක් වාර්තා වන බවත්. එවැනි රෝගීන් පිළිබඳ සොයා බැලීමට වෙනම සෞඛ්‍ය පරීක්ෂකවරයින් පත්කර ඇති බවයි මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රකාශකයෙක් සදහන් කළේ.

සම මතුපිට හැගීම් නොදැනෙන ලප දක්නට ලැබෙන්නේ නම් ඉතා ඉක්මනින් රජයේ රෝහලක් වෙත යොමුවන ලෙසත් ලාදුරු රෝගය නිට්ටාවට සුවකල හැකි බවත් ඔහු ප්‍රකාශ කළා