26.7 C
Colombo
Friday, January 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ ගංවතුර පාලනයට නව සැලැස්මක්

කොළඹ ගංවතුර පාලනයට නව සැලැස්මක්

මෙම වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම අවම කර තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කොළඹ නාගරික කලාපයේ මෙන්ම කොළඹින් පිටත ප්‍රදේශවල ගංවතුර ගැලීම අවම කිරීමේ ව්‍යාපෘතිද ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ.

ඒ අනුව මෙම වසරේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,100 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර මෙම ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.