26.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුනි 19 සිට කතරගම පාසල් වැසෙයි

ජුනි 19 සිට කතරගම පාසල් වැසෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය හේතුවෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

තණමල්විල කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 වනදා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. මෙවර කතරගම ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භ වී ජූලි මස 03 දින දක්වා පැවැත්වෙනවා.

මේ අතර පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබාදීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.