31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු පහළට

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු පහළට

විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇති අතර ඊට අදාළ ගාස්තු සංශෝධයන් මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ගාස්තුව අඩු කිරීමේදී ඒකක 0සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9කින් අඩු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

මීට අමතරව ඒකක 31සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8කින් ද, ඒකක 61 සිට 90දක්වා විදුලි ගාස්තුව සියයට 7.2කින්ද, ඒකක 91සිට 180දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4කින්ද පහත දමා තිබේ.

මීට අමතරව විදුලි ඒකක 180ට වැඩි කාණ්ඩයේ ගාස්තුව සියයට 1.3කින් අඩු වනු ඇත.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, ආගමික ස්ථාන සහ පුණ්‍ය ආයතනවල විදුලි ගාස්තුව සියයට 3.2කින් පමණ අඩුවන බවය.

කර්මාන්ත, පොදු කාණ්ඩ, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බව සඳහන්ය.

කෙසේවෙතත් හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6කින් පහත දැමෙන බවද මහජන උපයෝගීතා කොමිසම පැවසීය.