29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනව පාසල් වාරය අදින් ඇරඹේ

නව පාසල් වාරය අදින් ඇරඹේ

2023 වසරේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වනවා.

මෙම වසරේ පළමු පාසල් වාරයේ නිවාඩුව පසුගිය 27 වනදා ලබා දෙනු ලැබුවේ 2022 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන්. ඒ අනුව එම විභාග කටයුතු අවසන් වීමෙන් අනතුරුවයි අද (12) දිනයේ මෙලෙස නව පාසල් වාරය ආරම්භ වන්නේ.

මේ අතර නව පාසල් වාරයේ දී ළමුන්ට බෙදාදීම සඳහා පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. කෙසේවෙතත් ඇණවුම් කළ පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ අදින් පසු දැනුම්දිය හැකි බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඩෙංගු රෝගයේ ව්‍යාප්තියත් සමඟ පාසල්වල පිරිසිදුභාවය පිළිබඳව අදින් ආරම්භ වන නව පාසල් වාරයේ දී සැළකිලිමත් වන ලෙසට සෞඛ්‍ය අංශ මීට පෙර දැනුම් දී තිබුණා.

ඒ මෙරටින් වාර්තා වන ඩෙංගු ආසාදිතයින්ගෙන් 25%කම පාසල් ළමුන් වීම හේතුවෙන්.