27.8 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමේ තීරණයක්

පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමේ තීරණයක්

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (06) දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකදී මේ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කළ බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සලකුණක් නොමැති බැවින් නාමයෝජනා අවලංගු කර නැවත නාමයෝජනා ඉල්ලා සිටීම වඩා සුදුසු බව රැස්වීමට පැමිණි ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට දේශපාලන පක්ෂ නියෝජිතයින් තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ප්‍රාදේශීය සභා 340ක් සඳහා අපේක්ෂකයින් 8,711ක් තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවා තිබූ අතර ඒ සඳහා අපේක්ෂකයින් 80,672ක් සිය නාමයෝජනා පත්‍ර භාර දී තිබේ.