29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට ලක්ෂ 75ක් දැඩි ආහාර අර්බුදයක

මෙරට ලක්ෂ 75ක් දැඩි ආහාර අර්බුදයක

මෙරට පුද්ගලයින් ලක්ෂ 75 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇති බව අනාවරණය වී තිබේ.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කළ අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණ වී ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල කියා සිටියේ.‍

ශ්‍රී ලංකාව තුළ ලක්ෂ 57 කට අධික පවුල් සංඛ්‍යාවක් වෙසෙන අතර ඉන් 33%ක් මේ වනවිට දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා ඇති බවයි එම අධ්‍යනයෙන් හෙළි වී ඇත්තේ.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම හා ඌව පළාත්වල ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන වැඩිම පිරිස ජීවත් වන බවත් ඊට අමතරව නැගෙනහිර, වයඹ සහ උතුරුමැද පළාත්වලත් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල් විශාල සංඛ්‍යාවක් පවතින බව අදාළ අධ්‍යනයෙන් අනාවරණය වී තිබේ.

මෙරට පවුල් ලක්ෂ 37 ක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලා ඇති බව ද අදාළ අධ්‍යනයෙන් හෙළිව ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ. සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 65% ක් ජීවන වියදම පියවා ගැනීමේ බරපතළ ගැටලුවලට මුහුණ දී සිටී.

ඇතැම් පවුල් දෛනිකව ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇති අතර ඉතා අඩු වටිනාකම් සහිත පෝෂ්‍යදායී නොවන ආහාර ගැනීමට පෙළඹී ඇති බවත් වාර්තා වෙයි. ශ්‍රී ලංකාව මේ වනවිට ආහාර සුරක්ෂිතතා දර්ශකයේ 79 ස්ථානයේ පසුවෙයි.