― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය පරාජය වූ ඉන්දීය පිළට දඩයක්

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය පරාජය වූ ඉන්දීය පිළට දඩයක්

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වූ ඉන්දීය කණ්ඩායමට දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

අවසන් මහා තරගයේ දී මන්දගාමී ඕවර අනුපාතයක් පවතවාගෙන යෑම හේතුවෙන් මෙලෙස ඉන්දීය පිළට දඩ මුදලක් පනවා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 80%ක් මෙලෙස දඩ වශයෙන් අය කරගෙන ඇති අතර, ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක්‍රීඩකයින්ට නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම ඕවරයකටම ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 20% ක දඩයක් අයකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දීය පිළේ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් හටද දඩ මුදලක් පැනවීමට අයි.සී.සීය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

ඉන්දීය දෙවන ඉනිමේ දී කැමරන් ග්‍රීන් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවෙන් ශුබ්මන් ගිල් දැවීයාමෙන් පසු, රූපවාහිනී විනිසුරුවරයාගේ තීරණය විවේචනය කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩ මුදල පනවා ඇති බව සඳහන්.

ඒ, අනුව ගිල්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 15ක දඩයක් නියම කිරීමටයි අයි.සී.සීය කටයුතු කර ඇත්තේ.

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දී ඉන්දීය පිළ ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 209කින් පරාජයට පත් වුණා.