28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරාය නගරයට ජාත්‍යන්තර සරසවියක්

වරාය නගරයට ජාත්‍යන්තර සරසවියක්

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා කොළඹ වරාය නගර කොමිෂන් සභාව විසින් ටෙන්ඩර් කැඳවා තිබේ.

වෛද්‍ය පීඨයකින්ද සමන්විත වන මෙම විශ්වවිද්‍යාලය තුළ ඉංජිනේරු, ව්‍යාපාර කළමනාකරණ, මූල්‍ය සහ බැංකු තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍රවලට අදාළව ද පාඨමාලා ආරම්භ කිරීමට අපේක්ෂිතයි.

කලාපය තුළ කොළඹ නගරය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට පහසුකම් සැපයීම ද මෙම විශ්වවිද්‍යාලයේ වගකීමක් වන අතර මාස හයක් ඇතුළත විශ්වවිද්‍යාලයට පිහිටුවීමට නියමිතය.

එම කාලය අතරතුර ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අපේක්ෂිතය.