26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවසර අවසානයේදී මෙරට ආර්ථික වර්ධනය ධන අගයකට ළඟා වෙනවා - මුදල් රාජ්‍ය...

වසර අවසානයේදී මෙරට ආර්ථික වර්ධනය ධන අගයකට ළඟා වෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඊයේ සවස දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විවිධ පුරෝකතනයන් සිදු කළද, පසුගිය වසරේද එම පුරෝතකනයන් ඉක්මවා මෙරට ආර්ථිකය මෙහෙයවීමට හැකි වූ බවයි.

මෙම වසරේද ලෝක බැංකු පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 4.2 ක අගයක් ගන්නා බව පැවසෙන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය මේ වසර තුළ සෘණ 3.0 ක් වනු ඇති. එසේම මහ බැංකු පුරෝකතනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 2- 3 අතර අගයක් ගනු ඇත.

කෙසේ වෙතත් සියලු දෙනා ජාතික නිෂ්පාදිතයට එකතු කරන තම තමන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමට අධිෂ්ථානයෙන් කටයුතු කළ යුතු බවත්, ඒ අනුව මෙම වසරේ අවසන් කාර්තුව වන විට මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.