25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිනෝද ගමන නිසා සිසුවෙක්ට දිවි අහිමි වෙයි

විනෝද ගමන නිසා සිසුවෙක්ට දිවි අහිමි වෙයි

ලග්ගල, තොරපිටිය වැවේ දිය නාමින් සිටි සිසුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලීමෙන් ඊයේ (11) දහවල් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක හලාවත, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ. හලාවත ප්‍රදේශයේ උපකාරක පන්තියක් මඟින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවකට සහභාගීව සිටි සිසුන් පිරිසක් අතරින් එක් සිසුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිරිස මොරගහකන්ද ජලාශය නැරඹීමෙන් පසු තොරපිටිය වැවට දිය නෑමට ගොස් ඇති අතර එහිදී සිසුන් දසදෙනෙකු පමණ දිය නෑමට වැවට බැස ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී එක් සිසුවෙක් මෙලෙස දියේ ගිලී ඇති අතර ඔහු දාස්ගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස මියගොස් ඇත්තේ.