― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsළමා ශ්‍රමිකයින් ඉහළ යාමේ අවදානමක්

ළමා ශ්‍රමිකයින් ඉහළ යාමේ අවදානමක්

රටේ වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික හා සමාජීය තත්ත්වය හමුවේ ළමයින් වැඩි වශයෙන් ශ්‍රමිකයන් ලෙස යොදාගැනීමේ අවදානම් තත්වයක් උද්ගතව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ දරුවන් පාසල් හැර යන තත්වයන් උද්ගත වීම, අඛන්ඩව පාසල් නොයැවීම වැනි තත්වයන්ද ඉහළ යාමේ හැකියාව පවතින බවයි.

රටේ පවතින නීතියට අනුව අවුරුදු 16 – 18ත් අතර ළමයින්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට හෝ සදාචාර වර්ධනයට අනතුරුදායක නොවන සේවයන්හි පමණක් ළමයින් යෙදවිය හැකි අතර එම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්හි යෙදවීම නීතිවිරෝධී වේ.

කෙසේ වෙතත් පවතින ආර්ථික පීඩනය හමුවේ මුදල් ඉපයීම සඳහා ළමයින් අකමැත්තෙන් හෝ යෙදවීමේ ප්‍රවණතාවක් පවතින බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.