25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅර්ධ සුඛෝපභෝගී බස් ධාවනයෙන් ඉවත් කිරීමට දැඩි විරෝධයක්

අර්ධ සුඛෝපභෝගී බස් ධාවනයෙන් ඉවත් කිරීමට දැඩි විරෝධයක්

අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස ඉල්ලා අන්තර් පළාත් බස් සේවා සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අන්තර් පළාත් බස් සේවා සංගමයේ සභාපති සරත් විජිත කුමාර කියා සිටියේ විකල්ප මාර්ගයක් සකස් නොකර රජයේ තීරණයට එරෙහිව මෙම නඩුව පවරා ඇති බවයි.

සියලුම අන්තර් පළාත් බස් රථ සේවා වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් සහය පළ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

2018 දී අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණයක් ගත් නමුත් එය ක්‍රියාත්මක කිරීමට රජයට නොහැකි විය.