31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ජූලි මාසයේදී

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ජූලි මාසයේදී

තොරතුරු පරීක්ෂා කර තහවුරු කර ගැනීම සඳහා පත් කරන ලද තේරීම් කමිටු විසින්, අස්වැසුම සුබසාධන දීමනා අපේක්ෂිත ප්‍රතිලාභීන් විසින් ලබාදුන් තොරතුරුවල නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීමේ කටයුතු 95% ක් අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ‘අස්වැසුම’ යෝජනා ක්‍රමය යටතේ සියලුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම ජූලි මාසයේ සිට සිදුකරන බවයි.

සුබසාධන ප්‍රතිලාභ ලබා ගන්නා පිරිසට පහසුවෙන් හඳුනා ගත හැකි විනිවිදභාවයෙන් යුතු වන තෝරා ගැනීමේ ක්‍රියාවලියක් මත මෙම සුබසාධන දීමනා ලබාදීම සහතික කරන බව ඔහු පවසන්නේ.

ලැයිස්තුවේ ඇතුළත් කර ඇති නම් හෝ ඇතුළත් කළ යුතු නම් සම්බන්ධයෙන් විරෝධතා හෝ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා යම් කාල සීමාවක් ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.