27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපතිගේ ඉන්දියානු සංචාරයට ජීවනුත් එක්වෙයි

ජනාධිපතිගේ ඉන්දියානු සංචාරයට ජීවනුත් එක්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි 21 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ද එම සංචාරයට එක්වීමට නියමිතය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ ජාතික ආරක්ෂක උපදේශකවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර දේශපාලනය. ආර්ථික, ආරක්‍ෂාව සහ කලාත්මක හා සංස්කෘතික සබඳතා වර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.