26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ වෛද්‍යවරයෙකු අභිරහස් ලෙස මියයයි

තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ වෛද්‍යවරයෙකු අභිරහස් ලෙස මියයයි

තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ 35 හැවිරිදි විවාහක වෛද්‍යවරයකු සිය නිල නිවසේදි අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ කොට්ටපිටියගේ අමිල සදකැලුම් දිසානයක (35) නැමති වෛද්‍යවරයෙකි. මියගිය වෛද්‍යවරයා නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

වෛද්‍යවරයා දින තුනක පමණ කාලයක් සේවයට නොපැමිනිමේ හේතුවෙන් රෝහල් සේවකයකු වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ පිහිටි කාමරයේ මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

මියගිය මෙම වෛද්‍යවරයාගේ බිරිදද දන්ත වෛද්‍යවරියක් ලෙස කුරැණැගල රෝහලේ සේවය කරන අතර එම වෛද්‍යවරිය පස් හැවිරිදි සිය දරුවා සමග එම ප්‍රදේශයේ පදිංචිව සිටිති. මියගිය වෛද්‍යවරයා සිය නිල නිවසේ තනිව ජිවත්වු බව පොලිසිය පැවසිය.ඔහු මිට දින දෙක තුනකට පමණ මිය යන්නට ඇති බව පොලිසිය සැකපල කරයි.