23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදරුවන් දෙදෙනා මහමඟ දමා ගිය මව පොලිසියට එයි

දරුවන් දෙදෙනා මහමඟ දමා ගිය මව පොලිසියට එයි

මාස 6 ක සහ අවුරුදු 9ක සිය දරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයක දමා ගිය මව අම්බලන්ගොඩ පොලිසියට පැමිණ තිබෙනවා.

ඊයේ පස්වරුවේ අම්බලන්ගොඩ – කුලිගොඩ ප්‍රදේශයේ මවක් සිය දරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයක තබා ගොස් තිබුණේ එහි රියදුරුට සුළු වේලාවක් දරුවන් බලා ගන්නා ලෙස ඉල්ලමින් කෙසේ වෙතත් බොහෝ වේලාවක් යනතුරු ඇය නොපැමිණීම හේතුවෙන් අදාළ ත්‍රිරෝද රථ රියදුරු විසින් දරුවන් දෙදෙනා අම්බලන්ගොඩ පොලිසියට බාරදි තිබුණා.

ඒ අනුව පොලිසිය අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව අද පස්වරුවේ දරුවන් දෙදෙනා ගාල්ලේ ළමා නිවාසයකට භාරදීමට නියෝග කර තිබුණි.

කෙසේ වෙතත් අද පස්වරුවේ දරුවන්ගේ මව අම්බලන්ගොඩ පොලිසියට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ නමින් දරුවන්ගේ පියා සෙවීම සඳහා පිටත්ව ගිය බවයි.

එහෙත් මව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් දරුවන්ගේ පියා ධීවර රැකියාවේ නිරතවන බවයි වැඩිදුර විමර්ශන වලින් අනාවරණය වී ඇත.