― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදැනට ඇති ඖෂධ අලෙවියට සති දෙකක්

දැනට ඇති ඖෂධ අලෙවියට සති දෙකක්

දැනට පවතින ඖෂධ තොග අලෙවි කිරීම සඳහා ඔසුසැල්වලට සති දෙකක සහන කාලයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය ඊයේ (12) කොළඹදී හමුවක් පවත්වා තිබේ.

ලබන 15 වැනිදා සිට ඖෂධ වර්ග හැටක මිල අඩුකළද දැනට පවතින ඖෂධ තොග අලෙවි කිරීමට සති දෙකක සහන කාලයක් ලබා දීමටයි අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ලබන 15 වැනිදා සිට ඖෂධ වර්ග පහළොවක මිල සියයට දාසයකින් අඩුකිරීමේ ගැසට් නිවේදනය ජාතික ඖෂධ නියාමන අධිකාරිය සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී තිබේ.

මෙලෙස මිල අඩු කරන ඖෂධ අතර දියවැඩියා රෝගය, අධිරුධිර පීඩනය සහ ශරීර වේදනාවන් ඇතුළු රෝග රැසක් සඳහා භාවිත කරනු ලබන ඖෂධ ඇත.