24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදා සිටි තරුණයෙක්ට අක්මීමනදී සිදු වූ අපරාධය

නිදා සිටි තරුණයෙක්ට අක්මීමනදී සිදු වූ අපරාධය

ගාල්ල, අක්මීමණ, කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයකු අද (13) අලුයම හිසට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කපුහෙම්පල, කාතු‍හේනවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි අක්මීමණ පොලිසිය පැවසුවේ.

අද අලුයම් කාලයේ නිවසට ඇතුළු වූ අයෙකු විසින් නිවසේ සාලයේ නිදාසිටි මෙම පුද්ගලයාගේ හිසට පිහියකින් ඇණ ඝාතනය කර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර අපරාධය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.