26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරය කරපු අය එකිනෙකා පාවා දෙන දවස වැඩි ඈතක නෙවෙයි

පාස්කු ප්‍රහාරය කරපු අය එකිනෙකා පාවා දෙන දවස වැඩි ඈතක නෙවෙයි

කකුළුවා වතුරේ නටන්නේ වතුර උණුවෙනකම් පමණක් බවත් නුදුරු දිනකදීම පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණ එකිනෙකා පාවා දෙනු ඇති බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (12) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යයට පෙර දින දිව්‍ය පූජාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් මෙසේද පැවසූහ.

අපි රැවටෙන්නේ නෑ. ඔයගොල්ලෝ තමයි දවසක රැවටෙන්නේ. මේ පල්ලියේ අවුරුදු 04කට පෙර 60 ගාණක් මැරුණා බොම්බ ගහලා. ඒවගේ කටුවාපිටියේ එකසිය ගාණක්, තවත් හෝටල් කිහිපයක තවත් පිරිසක් මේ ප්‍රහාර මාලාවෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඔක්කොගෙම එකතුව 272ක් මැරුණා. මේ මිනිමැරුමට සම්බන්ධ කවුද? මේක ගැන සාධාරණ පරීක්ෂණයක් කළාද? මේකේ ඇත්ත නැථ්ත හරියට හොයාගන්න උත්සාහ කළාද? කෝ නීතිය? කෝ යුක්තිය? මෙයාලා හිතාගෙන ඇති අපිව රවට්ටන්න පුළුවන් කියලා. මේ පල්ලියේ මිනිමරපු මිනිස්සු, මේකට අනුබල දුන්න මිනුස්සු අද සමාජයේ ලොකු තැන්වල ඉන්නවා. ලොකුවට කතා කරනවා. වැඩිකල් යන්නට මත්තෙන් මේක කරපු අයම ඉදිරියට ඇවිත් එකිනෙකාව පාවලා දෙනවා. ඒ දවස වැඩි ඈතක නෑ. අන්න එදා වෙනකන් අපි මහත් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.