27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමංජු නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය හමුවට

මංජු නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය හමුවට

ගෝලීය ශ්‍රී ලාංකේය කොන්ග්‍රසයේ නායක මංජු නිශ්ශංක අද (13) පෙරවරුවේ පොල්හේන්ගොඩ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබේ.

බෘෘනෝ දිවාකර නැමැත්තාගේ යූ ටියුබ් නාළිකාවට මුදල් යෙදවූ බවට ඔහුගේ නම කියවුණු අතර ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහායි මෙලෙස ඔහු නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත්තේ.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු මෙසේද කීය.

අපිට දැනුම්දුන්නා මෙතනට ඇවිල්ලා අපේ වත්කම්වල ප්‍රකාශයක් ලබා දීලා. තියෙන සියලුම තොරතුරු පොලීසියට ලබාදෙන්න කියලා. ඉතාමත්ම හොඳ දෙයක් අපි විශ්වාස කරනවා ලංකාවේ දේශපාලනයට එන්න සහ එන්න බලාපොරොත්තු වෙන පුද්ගලයන්ගේ ආදායම් මාර්ග පිළිබඳ පාදෘශ්‍යභාවය තිබිය යුතුයි. මෙතනදී සිද්ධ වෙන්නේ දේශපාලන පළිගැනීමක්. අපි දේශපාලනයට එන්න සූදානම් වෙනකොට එක එක දේවල් කරලා එක වළක්වන්න හදනවා.