29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමානසික රෝගීන්ට දෙන කරල් බෙහෙත් පාසල් සිසුන්ට විකුණූ අයෙක් අත්අඩංගුවට

මානසික රෝගීන්ට දෙන කරල් බෙහෙත් පාසල් සිසුන්ට විකුණූ අයෙක් අත්අඩංගුවට

උපකාරක පංතිවල සිසුන් ඉලක්ක කර ගනිමින් මත් කරල් අලෙවි කළ පුද්ගලයකු පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ඔහු සතුව තිබූ පොලිතින් මල්ලක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ මත්කරල් 1010ක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

එම මත් කරලක් රුපියල් 150කට අලෙවි කර ඇති බවත්, එම කරල් මානසික රෝගින්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇති බව පොලිසිය පවසයි.

කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි