26 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලදිවයින ලංකාවෙන් පොල් පැළ 50,000ක් ඉල්ලයි

මාලදිවයින ලංකාවෙන් පොල් පැළ 50,000ක් ඉල්ලයි

මාලදිවයිනේ දූපත්වල රෝපණය කිරීම සඳහා පොල් පර්‌යේෂණ ආයතනයෙන් දෙමුහුන් පොල් පැළ 50,000ක් මෙරටින් ලබා ගැනීමට මාලදිවයින අපේක්ෂා කර තිබේ.

එරට කෘෂිකර්ම අමාත්‍ය ආචාර්ය හුසේන් රෂීඩ් හසන් විසින් පසුගිය දිනක මෙරට වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හමුවූ අවස්ථාවේදී මේ සම්බන්ධව ඉල්ලීමක් කර ඇති අතර මෙම ඉල්ලීම කඩිනමින් ඉටු කර දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එම අවස්ථාවේදී පවසා ඇත.

තම ආයතනය මගින් වාර්ෂික පොල් පැළ ඉල්ලුමට අනුව පොල් පැළ නිෂ්පාදන කටයුතු සෑම වසරකදීම සිදුකරන බැවින් මේ මොහොතේ පොල් පැළ 50000ක් මාලදිවයින වෙත ලබාදීමේ හැකියාවක් නොමැති බවයි පොල් පර්‌යේෂණ ආයතනයේ සභාපති මල්රාජ් පීරිස් සඳහන් කළේ.

එබැවින් මේ මොහොතේ පොල් පැළ 10000ක් පමණ මාලදිවයින වෙත ලබාදීමේ හැකියාව තම ආයතන වෙත පවතින බවත් එම පොල් පැළ ප්‍රමාණයද මාලදිවයින වෙත අපනයනය කිරීම සඳහා කන්ටේනර් 17ක් පමණ අවශ්‍ය වනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.