― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමාස 4කදී රිය අනතුරුවලින් 709ක් ජීවිතක්ෂයට

මාස 4කදී රිය අනතුරුවලින් 709ක් ජීවිතක්ෂයට

2023 වසරේ ගතවූ මුල් මාස 4 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 709 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඉන් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ යතුරුපැදි ආශ්‍රිතව වන අතර මෙම වසරේ පසුගිය අප්‍රේල් මස 30 වනදා දක්වා සිදුව ඇති මුළු අනතුරු සංඛ්‍යාව 8202ක් බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

2023 වසරේ අප්‍රේල් මාසේ 30වනදා වන විට මුළු අනතුරු සංඛ්‍යාව 8,202ක් සිද්ධවෙලා තියෙනවා. විශේෂයෙන් මාරක අනතුරු 667 වෙලා තියෙනවා. ඒ මාරක අනතුරුවලින් පුද්ගලයින් 709ක් මියගිහින් තියෙනවා. බරපතළ අනතුරු 2,160ක් සිද්ධවෙලා තියෙනවා. සුළු අනතුරු 3,201ක් සිද්ධවෙලා තියෙනවා. විශේෂයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ගත්තොත් වැඩිපුරම මියගිහින් තියෙන්නේ යතුරුපැදිකරුවන්. මියගිය පුද්ගලයින් 709 න් 220ක් යතුරුපැදිකරුවන් ඒ වාගේම මගීන් 102ක් ඉන්වා. පදිකයින් 179ක් ඉන්නවා. මේ මාරක රියඅනතුරුවලට වැඩිපුරම හේතුවෙලා තියෙන්නේ යුතුරුපැදි. දෙවනියට වැඩිපුරම අනතුරු සඳහා මූණදිලා තියෙන්නේ ත්‍රීරෝද රථ. මේ අනුව පෙනී යනවා වැඩිපුරම මාර්ගයේ සිදුවන අනතුරුවලින් සිදුවන්නේ යතුරු පැදි සම්බන්ධ අනතුරු සහ ත්‍රීරෝද රථ සම්බන්ධ අනතුරු කියලා. ඒ නිසා මේ යතුරුපැදිකරුවන් ඒ වගේම ත්‍රීරෝද රථ රියදුරන් මාර්ගයේ ධාවනය කිරීමේදී රථ වාහන නීතියට ගමන් කිරීම ඉතාම වැදගත් වෙනවා.