― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට දවසින් දවස හොඳ අතට හැරෙනවා – නවීන්

රට දවසින් දවස හොඳ අතට හැරෙනවා – නවීන්

සිය පියා හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය තුළ තමන් ආණ්ඩුකාර ධූරයකට පත්වීම දෛවෝපගත සිදුවීමක් බව සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක පවසයි.

“ජනාධිපති තුමාගෙන්ම තමා අපි අභියෝගවලට මුහුණදෙන්න ඉගෙනගත්තේ. යම් තැනකට ගිහින් ඒ අභියෝගය භාරගන්න අවශ්‍යයි. විශේෂයෙන් මුල්‍ය අර්බුදයක් තිබෙන අවස්ථාවක රජයේ වියදම් කපාහරින අවස්ථාවක මම බලාපොරොත්තු වනවා මගේ හැකියාවෙන් විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් මුදල් ලබාගෙන සබරගමුවේ අධ්‍යාපන කේෂ්ත්‍රයට විශාල සේවයක් කරන්න. මට ඒක කරන්න පුළුවන් නම් මාස 18ක් වගේ කාලයක් තුළ මම ලබන ජයග්‍රහණයක්.

මම හැමවෙලේම සුබවාදීව බලන පුද්ගලයෙක්. රට දවසින් දවස හොඳ අතට හැරෙනවා. අඩුපාඩු ගොඩක් තියෙනවා. අපි ඒවා එකින් එක හදාගන්න ඕනේ.”

සිය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවු අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියේය.