27.2 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවලවේ ගඟේ දිය නෑ කතක් කිඹුලාට බිලිවෙයි

වලවේ ගඟේ දිය නෑ කතක් කිඹුලාට බිලිවෙයි

අම්බලන්තොට, පුහුල්යාය ප්‍රදේශයේදී වලවේ ගඟේ දිය නාමින් සිටියදී කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

75 හැවිරිදි වියේ පසු වූ විශ්‍රාමික ගුරුවරියක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි අම්බලන්තොට පොලීසිය සඳහන් කළේ.

කිඹුලා විසින් අදාළ කාන්තාව ඩැහැගෙන යාමේ දී අසළ සිටි පිරිස සිදුකළ කෑ ගැසීමත් සමඟ කිඹුලා ඇගේ කකුලක් කඩාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඇයගේ සිරුර ගොඩගෙන රෝහල වෙත යොමු කිරීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අම්බලන්තොට, වාදුරුප්ප ප්‍රාදේශීය රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබුණා.