― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසාක් රටවල් 07ට නොමිලේ වීසා

සාක් රටවල් 07ට නොමිලේ වීසා

සාක් කලාපයට රටවල් හතේ පුරවැසියන්ට, මෙරටට ඇතුළු වීම සදහා, නොමිලයේ වීසා පහසුකම් ලබා දීමට තීරණය කර ඇති බව සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා ඇති බව වාර්තා වෙයි.

මේ මගින් රටට ඇතුළු වීමට පවතින සීමා ලිහිල් වන අතර, වඩා වැඩි සංචාරක ආකර්ශනයක් රට තුළට ගෙන්වා ගැනීම අපේක්ෂා කරයි.

සාක් කලාපයට අයත් රටවලින් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2018 වසරේ දී 537,440 දක්වා ඉහළ අගයක පැවතුණි. එම අගය, 2022 වසරේ දී, 153,204 දක්වා පහත වැටී තිබේ.

සාක් කලාපයට අයත් රටවල් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ භූතානයයි.